රුමේෂ් තරංගගේ කැඩුණු හෙල්ල දැකලා ඩඩ්ලි සිරිසේනගෙන් හෘදයාංගම සටහනක්- "සැලෙන්න එපා පුතා, අපි ඔයා එක්ක ඉන්නවා ''

Report

ඩඩ්ලි සිරිසේන කියන්නේ ලංකාවම දන්න ව්‍යාපාරියෙක්නේ.    ඉතිං ව්‍යාපාරික තත්වයෙන් ඔබ්බට ඔහුගේ මනුස්සකම පිළිබද මොනවට පිළිඹිඹු වන   අපූරු අවස්තාවක් දැකගත හැකිවිය

රුමේෂ් තරංග සතු හෙල්ල 5ක් ගුවන් මගින් ගෙන ඒමේදී සැකසහිත ලෙස කැඩී හානිවී ඇති බව වාර්තා වුණා.

ඔහු ලෝක වාර්තා තැබූ එනම් හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක් දුර විසි කළ හෙල්ල, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07ක් දුර විසි කළ හෙල්ල ඇතුළු ඔහු භාවිතා කරන හෙල්ල 5ටම හානි වී ඇති බව සදහන් වී තිබුණි

අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම 5:10ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහෙත් ඔහු සතු වන වටිනා ක්‍රීඩා භාණ්ඩය මෙලෙස කැඩී බිදී යාම මුළු රටේම කතා බහට ළක් වුණා

ඉතිං රුමේෂ් තරංග මේ ගැන සදහන් කර තිබූ සටහන තුළ බොහෝ comment අතර ඩඩ්ලි සිරිසේන නම් මේ අපූරු හදවත මනුදම් පිරුණු මනුශ්‍යයාගේ සටහන කැපී පෙණුනා

''කිසි දේකට සැළෙන්න එපා පුතා. රටක් විදියට අපි ඔයා එක්ක ඉන්නවා. ඕනම මනුස්සයෙක් පැහැදිලි ගමනක් යද්දි ප්‍රශ්ණ එන එක සාමාන්‍ය දෙයක්. ඕව ගණන් ගන්න එපා. හැකිතාක් ඉක්මණින්ම මම පුතාව සම්බන්ධ කරගන්නම්.''

Gallery