කාලගුණික තත්ත්වයේ වෙනසක්

Report

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

 මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් දැකගත හැකිය.

තවද හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් තිබෙන බව සදහන් වේ.

ඒ වගේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.

අද අවම උෂ්ණත්වය නුවරඑළියට

අද අවම උෂ්ණත්වය නුවරඑළියට