නාවික හමුදාව භාරයට ගත් නෞකාවට මත්කුඩු ලබාදී ඇත්තේ ඉරාන යාත්‍රාවකින් බවට තොරතුරු

Report

ශ්‍රී ලංකාවට දකුණු මුහුදේදී නාවික හමුදාව භාරයට ගත් නෞකාවේ සොයාගත් හෙරොයින් සහ කොකේන්, ඉරාන යාත්‍රාවකින් ලබාදී ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පවසන්නේ, ඔවුන් පසුගිය 13 වනදා ගාල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තවත් තොරතුරු එළියට - බිලියන ගාණක මත්ද්‍රව්‍ය

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තවත් තොරතුරු එළියට - බිලියන ගාණක මත්ද්‍රව්‍ය

අදාළ ධීවර යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී හෙරොයිනි කිලෝ 103ක් සහ කොකේන් කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක්ද ආරක්ෂක අංශ භාරයට ගත් බවත් සඳහන් කළේය.

මෙම තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දෙන ලදී. අදාළ සැකකරුවන් 6 දෙනා අද උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලදි. මේ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 300 කට ආසන්න බවත් වාර්තා වේ.

ඉරාන නෞකාවලින් මුදාගත් පිරිසට මාසයක Free වීසා කාලයක් ලංකාවෙන්

ඉරාන නෞකාවලින් මුදාගත් පිරිසට මාසයක Free වීසා කාලයක් ලංකාවෙන්