රුපියල් කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් පොලිස් දැලේ
Sri Lanka Police
Drugs
Sinhala news
By Dilasha
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කරයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගල්කිස්ස සේරම් පාරේදී සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර සිටියි.
එම සැකකරු විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකාරයෙකු වන අයි.ඩී නැමැත්තාගේ සමීපතමයෙක් බව පොලිසිය සඳහන් කරයි.
