කළුතර බන්ධනාගාරයේ මත්කුඩු චෝදනාකට අයත් රැඳවියෙකු මරුට

Report

කළුතර බන්ධනාගාරයේ බෝ ගසකට නැග බිමට පැන තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය නිවේදනය කරයි.

මෙසේ මියගිය රැඳවියා කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි සම්පත් මෙන්ඩිස් නම් පුද්ගලයා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු මත්කුඩු සම්බන්ටයෙන් චෝදනා ලබා බන්ධනාගාරගතව සිටියදී, ඉකුත් ජූලි 21 වන දින බන්ධනාගාර පරිශ්‍රයේ ඇති බෝ ගසකට නැග බිමට පැන තුවාල ලබා ඇත.

හරක් කටා මරන සැලැස්මකින් පද්මෙගෙයි - සලින්තගෙයි ප්ලෑන් එක ලුතිනන් කර්නල් වමාරයි

හරක් කටා මරන සැලැස්මකින් පද්මෙගෙයි - සලින්තගෙයි ප්ලෑන් එක ලුතිනන් කර්නල් වමාරයි

ඒ අනුව, ඔහුව තත්පරයේදීම නාගොඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර, සුවයෙන් පසු නැවත බන්ධනාගාරයට රැගෙන ආ බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, මෙන්ඩිස්ගේ රෝගී තත්ත්වය නැවත උත්සන්න වූම යළිත් රෝහල්ගත කර තිබූ අතර, ඊයේ (15) රාත්‍රියේදී ඔහු මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින අතර, රැඳවියාගේ මරණයේ හේතුව පිළිබඳ වෛද්‍ය විස්තර තවදුරටත් පරීක්ෂා කෙරෙනු ඇත. මෙවැනි සිදුවීම් බන්ධනාගාර ආරක්ෂාව සහ රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර ඇති බව සඳහන් වේ. 

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

මහවැලියෙන් කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි, පාලම උඩින් පැන්නද කියලත් සැකයක්

මහවැලියෙන් කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි, පාලම උඩින් පැන්නද කියලත් සැකයක්