මහවැලියෙන් කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි, පාලම උඩින් පැන්නද කියලත් සැකයක්
By Kaushi
පේරාදෙණිය ගැටඹේ නව පාලම අසල දී මහවැලි ගඟේ දිය කපනාතොට ස්ථානයේ තරුණ කාන්තාවකගේ මළසිරුරක් හමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම කාන්තා මළසිරුර පාවෙමින් තිබෙන බවට පුද්ගලයෙකු දැක පොලිසියට දැනුම්දී ඇති බව සඳහන්.
එසේම මෙම කාන්තාව අද (16) දින අලුයම් කාලයේ පාලම මතට පැමිණ ඉන් පහළට පැන්නේද යන්න පිළිබදව සැකයක් පවතින බවත් පොලීසිය සඳහන් කළා.
එමෙන්ම ඇය රැගෙන ආ බවට සැක කරන බෑගයක් ද පාලම මත තිබී පොලිස් භාරයට ගෙන ඇති බව ද වාර්තා විය.
කෙසේ වෙතත් මෙසේ ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ අනුව අඳාළ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් පවත්වන බව සඳහන්.