මේ පැති වලට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භයි - වියළි කාලගුණයෙන් රටම ඇවිලෙයි

Report

වියළි කාලගුණය හේතුවෙන් වනෝද්‍යාන වල සතුන්ට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර ඇත. යාල, විල්පත්තුව, කුමන, බූන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා ජලය ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සඳහන් කළේය.

වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා ඇත්තේ මීට අමතරව යාල වනෝද්‍යානයේ ඇති සෝලා මගින් ජලය ලබාදීම සිදු කරන බවයි. මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොඨාශයේ මහවැව ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

වැව් රැසක ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති අතර, ඇතැම් වැව් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ සිඳී ගොස් තිබේ. ගොවීන් පවසන්නේ මහවැව,දිගංවැව,පළුගස්වැව, ඇතුලු වැව් රාශියක් මේ වන විට වියළි බිමක් බවට පත් වී ඇත.

ධිවරයින් හා කිරි ගොවීන් දැඩි ලෙස අසරණ වී ඇති බවද ගවයින් සදහා කෑම හා බීමට ජලය හිග නිසා ගන්නා කිරි ප්‍රමාණය ඉතාමත් අඩු බවත් ඔවුන් හරක්ට ප්‍රථිකාර කිරීමටවත් නොහැකි වී ඇති බවත් ඔවුට තණ බිමක්වත් නොමැති නිසා රජයෙන් නිසි වැඩ පිළිවෙලක් සකසා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.