යුක්රේන ගොඩනැගිලි කිහිපයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාර
By Kanchana
යුක්රේනයේ කියෙව් අගනුවර මහල් නිවාස සංකීර්ණ කිහිපයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇත.
ඒ සමඟම එහි ගින්නක් ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
යුක්රේන බලධාරීන් විසින් තහවුරු කළේ මෙම ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි දෙකකට හානි සිදුව ඇති බවයි.
ඒ වගේම ඉන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
තවද යුක්රේන අගනුවර වටා ගුවන් ආරක්ෂක ඒකක ද ක්‍රියාත්මක වී ඇති බව විදෙස් වාර්තා වාර්තා කරයි.