චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

Report

චීන හා ඇමරිකානු ජනාධිපතිවරු දුරකථන සංවාදයක නිරත වී තිබේ.

ඒ අනුව චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(24) දින රාත්‍රීයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකථන සංවාදයකට එක් ව තිබේ .

ඒ අනුව ඉකුත් මාසයේ ඇමරිකානු ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවේදී පැවැත්වූ සාකච්ඡා යළි සිහිපත් කරමින් චීන ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ එම සාකච්ඡාවෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර අන්දමින් පවත්වාගෙන යන බව වේ.

චීන ජනාධිපතිවරයා සදහන් කරන්නේ මෙම යහපත් තත්ත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වඩාත් සාධනීය ප්‍රගතියක් අත්කරගැනීමට චීනය අපේක්ෂා කරන බවයි.

තවද ෂී ජින් පිං ජනාධිපතිවරයා චීනය හා තායිවානය සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ.

ඒ වගේම එතුමා තායිවානය පිළිබඳ චීනයේ ස්ථාවරය ඇමරිකානු ජනාධිපතිවරයා වෙත පහදා දෙමින් අවධාරණය කළේ තායිවානය ජපාන ආක්‍රමණයෙන් නිදහස් කර ආපසු චීනයට එක්වීම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත වූ ගෝලීය පටිපාටියේ වැදගත් කොටසක් වන බවයි.

චීන ජනාධිපතිවරයා විසින් දෙවැනි ලෝක යුද්ධ‍යේදී ෆැසිස්ට්වාදය හා රණවාදයට එරෙහිව සටන් කළ චීනය හා ඇමරිකාව වර්තමානයේ එම යුද ජයග්‍රහණය පොදුවේ රැක ගත යුතු බව පහදා දී තිබේ.

තවද ඇමරිකානු ජනාධිපතිවරයා විසින් චීනයේ තායිවානය සම්බන්ධයෙන් දෙවැනි ලෝක යුද සමයේ දී චීනය ඉටු කළ වැදගත් කාර්‍ය්භාරය අගය කර තිබේ.

ඒ වගේම එතුමා වැඩි දුරටත් සදහන් කළේ තායිවාන ප්‍රශ්නය චීනයට වැදගත් බව ඇමරිකාවට මැනවින් අවබෝධ වී ඇති බවයි.

චීන හා ඇමරිකානු ජනාධිපතිවරු දෙදෙනා යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ජා කර තිබේ.  

මීළඟ IMF වාරිකය ගැන තීරණය ගැන දැනුම්දීමක්

මීළඟ IMF වාරිකය ගැන තීරණය ගැන දැනුම්දීමක්

මේ ලග්නවල අය අද කේන්ති ගන්නේ නැති තරමට හොඳයි - වාද විවාද නිසා නොසිතන දේ වෙයි

මේ ලග්නවල අය අද කේන්ති ගන්නේ නැති තරමට හොඳයි - වාද විවාද නිසා නොසිතන දේ වෙයි