ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නීතිඥ කමල් අමරසිංහ මහතා විසින් විදේශීය රියැදුරු බලපත්‍රවල ත්‍රිරෝද රථ කාණ්ඩය ඇතුළත් නොවන නිසා සංචාරයට ශ්‍රී ලංකාවට එන විදේශිකයන්ට ත්‍රිරෝද රථ පැදවීමට අවසර ලබා දිය නොහැකි බව අවධාරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු සඳහන් කළේ මෙරටට පැමිණෙන සංචාරකයන්ට ඔවුන්ගේ මව් රටේ රියැදුරු බලපත්‍රය මත පදනම්ව, සැහැල්ලු වාහන සහ යතුරුපැදි පැදවීමට තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පවතින බවයි.
එසේම එම සේවාව වඩාත් කඩිනම් කිරීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බව පවසයි.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ
තවද දිගු කාලීන වීසා මත ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට ප්‍රායෝගික රියැදුරු පරීක්ෂණයකින් සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේ හැකියාව පවතින බවත් සඳහන් කර තිබෙනවා.
එසේම දැනට රට තුළ පවතින රියැදුරු බලපත්‍ර කාඩ්පත් හිඟය සම්බන්ධයෙන් ද කොමසාරිස් ජනරාල්වරයා අදහස් තම අදහස් දක්වා ඇත.
එයට විසඳුමක් වශයෙන් එක්දින සේවාව යටතේ සහ විදේශගත වන පුද්ගලයන්ට පමණක් දැනට කාඩ්පත් මුද්‍රණය කරන බවත්, සෙසු අයදුම්කරුවන්ට තාවකාලික බලපත්‍රයක් නිකුත් කරන බවත් සඳහන්.
ඊට අමතරව කමල් අමරසිංහ මහතා විශ්වාසය පළ කළේ නව කාඩ්පත් තොගයකට ඇණවුම් ලබා දී ඇති නිසා එළඹෙන සැප්තැම්බර් මාසය වන විට මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති බවටයි. එසේම කාඩ්පත් මුද්‍රණය වේගවත් කිරීමට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ද ඇණවුම් කර ඇති බව සඳහන්.
