බෝතල් කළ පානීය ජලය ගැන භයානක ආරංචියක්..ඔබත් පාවිච්චි කරන්න කළින් මේ ගැන දැනගන්න.

By Aruna Oct 18, 2024 03:53 AM GMT
Report

පානිය ජලය ඇසුරු කරන ප්ලාස්ටික් බෝතල් නැවත භාවිතයට ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය පවසනවා.

ඇතැම් පිරිස් ජලය ගබඩා කිරීම සඳහා එම බෝතල් යලි යලි භාවිතා කරන බවයි පැවසෙන්නේ.

එහෙත් එම ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතා කිරීම හරහා එම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍ය වල ඇති රසායනිකයන් ජලයට මුසුවීම භයානක කාරණයක්.

තෙල් මිල සති දෙකක් තුල වාර්තාගත ලෙස පහළ යයි..ලංකාවටත් සුබ ආරංචියක්..

තෙල් මිල සති දෙකක් තුල වාර්තාගත ලෙස පහළ යයි..ලංකාවටත් සුබ ආරංචියක්..


එම ඇතැම් රසායනිකයන් පිළිකා කාරක විය හැකිය බවට පර්යේෂණ වලදී අනාවරණය වී ඇත.

ඒ හේතුවෙන් පානිය ජලය ඇසුරු කල ප්ලාස්ටික් බෝතල් නැවත ජලය ගබඩා කර පානය කිරීමට යොදා නොගන්නා ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.