පෙර පාසල් දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙනුත් විශේෂ දැනුම්දීමක් - ඉදිරි සති දෙක විශේෂයි

Report

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීමට පෙර පාසල් දරුවන්ටද අත්පා ආවරණය වන ලෙස සුදුසු ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර‍යි.

ඒ අනුව අද (13) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

මින් පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ට මදරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීමට අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණා.

පාසල් ළමුන්ගේ නිල ඇඳුමට අමතරව වෙනත් ඇඳුමක් - නිල ඇඳුමට අමතරව මේ ඇඳුමට අවසර

පාසල් ළමුන්ගේ නිල ඇඳුමට අමතරව වෙනත් ඇඳුමක් - නිල ඇඳුමට අමතරව මේ ඇඳුමට අවසර

ඒ පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්.

ඒ අනුව අත්පා ආවරණය වන ලෙස සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමේ හැකියාව පාසල් සිසුන්ට හිමි වෙයි. එබැවින් පෙර පාසල් දරු දැරියන්ද මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීමට සුදුසු ලෙස අත්පා ආවරණය වන ආකාරයට ඇඳුමකින් සරසවා පාසල් වෙත එවන මෙන් අමාත්‍යවරිය දෙමව්පියන්ගෙන් ඉල්ලා ඇත. ඒ අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය කියා සිටියේ,

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

"ඒක පෙර පාසල් දරුවන්ට විශේෂයෙන් අදාළයි. මොකද පෙර පාසල් දරුවන් සඳහාත් දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් ගන්න පුළුවන් මදුරු විකර්ෂක භාවිත කරන්න. මදුරුවන් දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එක තමා දෙමව්පියන් හැමෝටම කියන්නේ. මේ අර්බුදය පාසල් තුළටත් පවතිනවා. ඉදිරි සති දෙකත් විශේෂයෙන් අවධානයෙන් පසුවිය යුතුයි."

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි