පාසල් ළමුන්ගේ නිල ඇඳුමට අමතරව වෙනත් ඇඳුමක් - නිල ඇඳුමට අමතරව මේ ඇඳුමට අවසර
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමටයි.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී ඒ පිළිබදව උපදෙස් නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවයි.
මේ අතර, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීමට ද සිසුන් දැනුම්වත් කරන ලෙස අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.