බලන් ගියාම ඡන්දයක් ලං වෙන කොට ඔක්කොම එක වගේ..බලන්නකෝ මෙයා කරන වැඩේ..

By Piyumika Oct 21, 2024 10:47 AM GMT
Report

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැය කීපයකට පෙන්සිල්වේනියා ජනපදයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සේවය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු සිය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර අදාළ අවන්හල අසල නතර වී එහි සේවකයකු ලෙස සිය ඇදුම් පවා එහිදී වෙනස් කරගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

සම්ප්‍රදාය වෙනස් වුනු නිසා රහස් පිරුණු බංගලා අයේ දෙන්න බැරුව ඉන්න මහජන නියෝජිතයෝ..

සම්ප්‍රදාය වෙනස් වුනු නිසා රහස් පිරුණු බංගලා අයේ දෙන්න බැරුව ඉන්න මහජන නියෝජිතයෝ..

එහිදී ඔහු මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ මුළුතැන්ගෙට ගොස් අල පෙති බදිමින්, මස් පිසිමින්, බර්ගර් සකස් කර තිබේ.

එම අවස්ථාවේ, මාධ්‍යවේදීන් පිරිසක් අවන්හලට පැමිණ සිටි අතර, ඔවුන්ට සංග්‍රහ කර ඇත්තේද ට්‍රම්ප්ය. ට්‍රම්ප්, මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ සේවයට ගියේ, ජනාධිපතිවරණයේ දී ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් විවේචනය කරමිනි.

රටෙන් ආපු බඩු පිරුණු මල්ලක් රුපියල් දාහකටත් අඩු මුදලකට ගන්න කැමතිද..

රටෙන් ආපු බඩු පිරුණු මල්ලක් රුපියල් දාහකටත් අඩු මුදලකට ගන්න කැමතිද..

පසුගිය දා දේශපාලන වේදිකාවකදී කමලා හැරිස් පවසා තිබුණේ, තමන් උසස් පාසල් සිසුවික වී සිටිද්දී, අධ්‍යාපන කටයුතු අවසන් වී මැක්ඩොනල්ඩ්ස් අවන්හලක අර්ධ කාලීනව රැකියාව කළ බවත්, වැඩ කරන ඇමෙරිකානුවන්ට තමන් වඩා සමීප බවත්ය.

ට්‍රම්ප්, මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ වැඩට ගොස් ඇත්තේ,කමලා හැරිස්ගේ ප්‍රකාශය බොරුවක් බවත්, තමන් දන්නා පරිදි කමලා හැරිස් කිසිම මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සේවය කර නොමැති බවත් අවධාරණය කරමිනි.

බලන් ගියාම ඡන්දයක් ලං වෙන කොට ඔක්කොම එක වගේ..බලන්නකෝ මෙයා කරන වැඩේ.. | Donald Trump Goes To Work At A Famous Restaurant