රුපියල ඇදදමා ඩොලරය අද ඉහළ නගී - නව මිල ගණන් මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.18ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.79ක් ලෙසත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම මිල ගණන් ඉකුත් දිනවලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.
අද දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සටහන් වී ඇත:
ලංකා බැංකුව - රු. 298.50 - රු. 305.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 295.82 - රු. 306.01
කොමර්ෂල් බැංකුව - රු. 296.55 - රු. 305.00
සම්පත් බැංකුව - රු. 297.11 - රු. 305.25
අමානා බැංකුව - රු. 299.50 - රු. 305.05