මේ අයට හෙට පත්වීම් - හෙට සිට සේවයට වාර්තා කරන ලෙස දැනුම්දීමක්
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයැදුම් කරන ලද නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙක් සඳහා ඔවුන්ගේ නව සේවා ස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අද (08) ප්‍රකාශයට පත් කර ඇත.
මෙම පත්වීම් ලැබූ වෛද්‍ය නිලධාරීන් හෙට (09) දින සිට 11 වන දින දක්වා කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හෝ අදාළ සෞඛ්‍ය ආයතන වෙත සේවයට වාර්තා කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින් මෙම අනුයුක්ත කිරීම් සිදු කර ඇති බවයි.
එහිදී වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් ඉතා විනිවිදභාවයකින් යුතු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.