සටන් විරාම දුන්නට වැඩක් නැහැ - ඉරානයට අවි සැපයුවොත් තීරු බදු ගහන බවට අනතුරු ඇඟවීම්

Report

ඉරානයට මිලිටරි අවි සපයන රටවල් ක්ෂණික ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දෙන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. ට්‍රම්ප් නිවේදනය කර ඇත්තේ ඉරානයට මිලිටරි සහාය ලබා දෙන ඕනෑම රටක් එක්සත් ජනපදයට විකුණන සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමට සිදුවන බවයි.

ඉරානයට මිලිටරි අවි සපයන රටකට වහාම ක්‍රියාත්මක වන පරිදි, ඇමරිකා එක්සත් ජනපදයට විකුණන ඕනෑම සහ සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරු බදු අය කෙරෙන බවත් ඊට කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක් සිදු නොවෙන බවත් ට්‍රම්ප් නිවේදනය කර ඇත.

ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන එක්සත් ජනපද අභ්‍යවකාශ බලකායේ දැඩි චන්ද්‍රිකා නිරීක්ෂණය යටතේ පවතින බවත් තීරුබදු සහ සම්බාධක සහන පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්ය.  

ලොවම සාමයට පත්කළ සටන් විරාමයට යුක්රේනයත් එක්වෙයි

ලොවම සාමයට පත්කළ සටන් විරාමයට යුක්රේනයත් එක්වෙයි

අවුරුදු උත්සව තියන්න ඉන්න අයට විශේෂ නිවේදනයක් - මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වේ

අවුරුදු උත්සව තියන්න ඉන්න අයට විශේෂ නිවේදනයක් - මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වේ