උගුරේ හිර වුණ කිරි කැටිය වෛද්‍යවරුන් ඉවත් නොකළ නිසා කිරි සප්පයෙක් නැති වෙයි

Strike Sri Lanka Death Doctors Sinhala news Breaking News
By Kaushi Jun 16, 2025 01:49 PM GMT
Kaushi

Kaushi

Report

 හැටන් ෂැනන් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් විසින් මිය ගිය සිගිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා ගෙන විරෝධතාවයක නියැලුණු බවක් වාර්තා වේ.

ඒ වතු පාලන අධිකාරියේ අවිධිමත් පාලනය නිසා මාස 14ක් වයසැති සිගිත්තෙක් මිය ගිය බවට චෝදනා කරමින්.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ඒ අනුව මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් ෂැනන් වතුයායේ පදිංචි ලිවස්කර් ඩික්ශන් නම් මාස 14ක් වන සිගිත්තෙක් බව පවසයි.

ඊයේ (15) රාත්‍රි 9:00ට පමණ සිගිත්තා හදිසියේ රෝගාතුර වී තිබෙනවා.

ඒ අනුව සිගිත්තාව වතු රෝහලට රැගෙන ගියද එහි වතු වෛද්‍යවරයා නොසිටි හෙයින් නැවත සිගිත්තාව දික්ඔය මූලික රෝහලට රැගෙන යාම සඳහා වතුයායේ ලොරි රථය රැගෙන යාමට උත්සහ කර ඇත.

241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

එහෙත් එහිද රියදුරු නොසිටි නිසා අනතුරුව පෞද්ගලික වාහනයකින් දික්ඔය මූලික රෝහලට දරුවා රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඒ යන අතරමඟදී හැටන් නගරයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක්ට ද දරුවා පෙන්නා ඇත.

එහෙත් එම රෝහලේ වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් නැවත රෝගී දරුවා දික්ඔය මූලික රෝහලට රැගෙන ‍යාමට මව්පියන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් විරොධතාවයේ නියැලුනු දෙමව්පියන් සහ වතු කම්කරුවන් පැවසුවේ එහිදී දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් දරුවා මිය ගොස් ඇති බව පැවසූ බවයි.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව උද්ගෝෂණයේ නිරත වූ වතුකම්කරුවන් ප්‍රකාශ කළේ සිය වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමට තම වතුයායේ පාලන අධිකාරිය ක්‍රියා නොකරන බවයි.

මිය ගිය දරුවා කිරි උගුරේ සිර වීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමෙන් අනතුරුව තීරණය කර ඇති බව වාර්තා වේ. 

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

ReeCha