උදේ 11.00 සිට ප.ව. 3.00 දක්වා ගමන් සීමා කරන්න - අධික උණුසුම නිසා අවදානම් තත්ත්වයක්

Report

මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් ඇති විය හැකි විජලනයෙන් ආරක්ෂාවීමට නිතර ජලය පානය කිරීම, කුරුම්බා, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි නැවුම් පළතුරු යුෂ පානය කිරීම සහ කැඳ වර්ග ආහාරයට ගැනීම ඉතා වැදගත් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.

එසේම සැහැල්ලු ලා පැහැති කපු ඇඳුම් ඇඳීම, සෘජුව අව්වේ ගමන් කිරීම සීමා කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීමෙන්ද සහනයක් ලබාගත හැකි බව කියා සිටි විශේෂඥ වෛද්‍යවරයා දවසට කිහිප සැරයක් ජලය ස්නානය කිරීම හෝ ශරීරය ජලයෙන් තෙත් කිරීම වැදගත් බවද ප්‍රකාශ කළා.

මේ දිනවල ක්‍රීඩා කටයුතුවල නිරතවන්නන්ට දැනුම්දීමක්

මේ දිනවල ක්‍රීඩා කටයුතුවල නිරතවන්නන්ට දැනුම්දීමක්

මේ අතර අධික රස්නය නිසා විශේෂයෙන්ම පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා ඍජු අව්වේ ගමන් කිරීම හැකි තාක් සීමා කළ යුතු බවත් එළිමහනේ වැඩ කරන විට නිතර සෙවණ ස්ථානයක විවේක ගත යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම නිවසද සිසිල්ව තබාගත යුතු බවත් දොර ජනෙල් ඇර තබා වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතු බවත් ඔහු පැවසුවා.

මේ අතර අධික රස්නය හේතුවෙන් දරුවන්ට සහ වැඩිහිටියන්ට විජලනය, හිසරදය, වමනය සහ නිදිමත ගතිය ඇතිවිය හැකි බැවින් ඔවුන් ගැන විශේෂයෙන් සොයා බැලිය යුතු බව කී විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය ගැටලු පවතී නම් වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසු බවට ද දැනුම් දී ඇත.

මහනුවර ජාත්‍යන්තර පාසලක් කැළඹෙයි - පාසලේ අධ්‍යක්ෂවරයෙක්ගේ වාහනයට සිසුන් දෙදෙනෙක් යට වී එක් අයෙක් ජීවිතක්ෂයට

මහනුවර ජාත්‍යන්තර පාසලක් කැළඹෙයි - පාසලේ අධ්‍යක්ෂවරයෙක්ගේ වාහනයට සිසුන් දෙදෙනෙක් යට වී එක් අයෙක් ජීවිතක්ෂයට

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්