කාටත් හොරෙන් කරගන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි

Report

 බේරුවල පොලිසිය පිටුපස නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කිය වෛද්‍යවරයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සදහන් කළේ සැකකාර වෛද්‍යවරයා බේරුවල වෛද්‍ය නිලධාරියකු ලෙසද කලක් සේවය කළ අයකු වන බවයි .

කළුතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර වෙත බේරුවල පොලිසිය පිටුපස වෛද්‍යවරයකු විසින් නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට තොරතුරක් ලැබී තිබිණි.

එම තොරතුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහවෙත ලබා දීමෙන් පසුව ස්ථානාධිපතිවරයාගේ සැලසුමකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ බුද්ධි අංශ නිලධාරී පොලිස් සැරයන් ජයලාල් (428) යොදවා එම වෛද්‍යවරයාගෙන් උපායශිලීව ගබ්සා කිරීම සඳහා දිනයක් ලබාගෙන ඇත.

මාරක අනතුරක්, දරුවෙක්ට දිවි අහිමි වෙයි

මාරක අනතුරක්, දරුවෙක්ට දිවි අහිමි වෙයි

කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව පසුගිය 8 වැනිදා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්ෂක ජනිත ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා බේරුවල පොලිසිය පිටුපස පෙරේරා මාවතේ පිහිටි බේරුවල නර්සිං හෝම් හිදී උපාය දූතියක ලෙස යෙදවූ පොලිස් කොස්තාපල්වරියක ගබ්සා කිරීමට තැත් කිරීමේදී සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම පොලිස් කොස්තාපල්වරිය වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ රාජකාරියේ නිරත නිලධාරිනියකි. මෙම වැටලීමේදී ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා ඖෂධ තොගයක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා ගබ්සාවක් කිරීම සඳහා එක් අයකුගෙන් රුපියල් හතළිස්පන්දහසේ (45,000) සිට ඉහළ මිල ගණන් අය කර තිබෙන බව අනාවරණය කරගෙන ඇත සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වීමත් සමග වෛද්‍යවරයාගේ සහයිකාව එම ස්ථානයේම සිහිසුන්ව ඇද වැටී ඇත.

තවද මෙම සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවෙන් මිදීම සඳහා වැටලීම් කළ නිලධාරීන්ට ඉල්ලන ඕනෑම මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට අයාචනා කර   ඇතත්  නිලධාරීන්  විසින්  ඔහු අ ත්අඩංගුවට  ගෙන තිබේ .

වස්කඩුවේ නොහදුනන මළ සිරුරක්

වස්කඩුවේ නොහදුනන මළ සිරුරක්

මීට අමතරව සැකකාර වෛද්‍යවරයා මත් පෙති ජාවාරම ද සිදුකරන බව අනාවරණය වී තිබේ.

පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශගේ නියෝග අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ජනිත, උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් ජයලාල් (428), මධුරංග (61746), පොලිස් කොස්තාපල් දනුෂ්ක (93425), කේසුමරන් (105086), රිහාරි (13090), පොලිස් කොස්තාපල්‌ රියැදුරු උදාර (16227) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.