වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

Sri Lanka Police Google Child Abuse Doctors Sinhala news
By Ashfa May 22, 2025 06:04 PM GMT
Ashfa

Ashfa

Report

ගාල්ල - කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු තමන් යටතේ සේවය කළ තරුණියකට කළ බලහත්කාරකමක් වසන් කිරීම සඳහා ඇගේ පවුලේ අය විසින් රුපියල් ලක්ෂ 35 ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමට තැත් කිරීමේ පුවතක් වාර්තා වනවා.

කෙසේ වෙතත්, එම තරුණියගේ සැමියා පැවසුවේ වෛද්‍යවරයා කළ වරදට වන්දි මුදලක් ලබාදීමට පොරොන්දු වූ නමුත් පසුව තමන් ඇතුළු පිරිස බොරු වරදකට අත්අඩංගුවට ගැනීමට සුදානම් වූ බවයි.

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

ගාල්ල - කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් උණවටුන ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එම ගොඩනැගිල්ලේම කොටසක විදේශිකයන්ට කාමර පහසුකම් ලබාදීමේ සේවයක් ද පවත්වා ගෙන යමින් සිටිනවා.

එම වෛද්‍යවරයා විසින් පසුගිය 20 වැනිදා සිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන 22 හැවිරිදි තරුණියට පවසා ඇත්තේ යාබද කාමරවල ඇති ඇඳ ඇතිරිළි නිසි ලෙස සකසන ලෙසයි.

අදාළ කාමරය අසලදී එම වෛද්‍යවරයා තමාගේ අතින් ඇද බලහත්කාරකමක් සිදුකිරීමට ගියබව ඇය සිය සැමියාට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දි තිබුණා තමා එමබ අවස්ථාවේදී වෛද්‍යවරයාගෙන් මිදී පළා ආ බවයි ඇය පවසා ඇත්තේ.

කොල්ලට ගහලා කෙල්ලව උස්සන් ගිහින් (VIDEO)

කොල්ලට ගහලා කෙල්ලව උස්සන් ගිහින් (VIDEO)

ඇගේ සැමියා තරුණියගේ දෙමාපියන් ඇතුළු කණ්ඩායමක් පැමිණ වෛද්‍යවරයාට තර්ජනය කර තිබුණේ ඉන් පසුවයි. ඉන් අනතුරුව වෛද්‍යවරයා, තමා කළ වරදට නීතිය හමුවට නොයන ලෙස ඉල්ලා ඇති අතර ඒ සඳහා වන්දියක් ලෙස රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබාදීමට එකඟ වු බවයි තරුණියගේ පාර්ශවය පැවසුවේ.

එම එකඟතාව මත ඊයේ රුපියල් ලක්ෂ 5 ක මුදල ලබාගැනීමට තරුණියගේ මව හා පියා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් තිබුණා.

නමුත් ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාර්න් බව පැවසූ 4 දෙනෙකු රුපියල් ලක්ෂ 5 ක කප්පමක් ලබාගැනීමට පැමිණි බවට චෝදනා කරමින් එම පිරිස හබරාදුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ තවත් කතාවක් එළියට

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ තවත් කතාවක් එළියට

බලහත්කාරයට ලක් වු බව කියන තරුණියගේ සැමියාව ද පොලිසියට කැඳවා ඇති අතර ඔවුන්ට නඩු නොපැවර්මට නම් වෛද්‍යවරයා සමග සමථයකට පත්වන ලෙස ස්ථානාධිපතිවරයා බල කල බවයි ඔවුන් පවසන්නේ. අදාළ සිදුවීමට මුහුණ දුන් තරුණියගේ පාර්ශවය පවසන්නේ තමන්ව බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම හා තරුණියට කළ බලහත්කාරකම පිළිබඳව හබරාදුව පොලිසිය පැමිණිලි භාර නොගන්නා බවයි.

එබැවින් සිද්ධිය පිළිබඳව අද මාතර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන බවත් ඔවුන් පැවසුවා.

ReeCha