දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්, නියෝජ්‍ය සහ සහකාර තේරීම් භාර නිලධාරීන්, මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.
ඊයේ (09) පැවති එම සාකච්ඡාවේදී, නාම යෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.
පළාත් පාලන 168 ක් වෙනුවෙන් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව, 57 කි. දේශපාලන පක්ෂ 18 ක් ද, ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඊට අදාළ නාම යෝජනා භාරගැනීම, ලබන 17 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.