දේශබන්දු සොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්!

By Shehan Mar 10, 2025 02:05 AM GMT
Report

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

දේශබන්ධු තෙන්නකෝන් සැඟවී සිටි ස්ථානය

දේශබන්ධු තෙන්නකෝන් සැඟවී සිටි ස්ථානය

දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනිදා වරෙන්තු නිකුත් කළේය.

ඒ, 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.

පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට

පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට

අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය.