ජනතාවට නොමිලේම හිමි වෙන සහනාධාර..
එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේ දී පෙරේදා (12) ආරම්භ විය.
එම ආධාර මෙරටට ලැබෙන්නේ චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ ය.
මෙම දෙවන අදියරේ භූමිතෙල් බෙදාදීම ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වේ.
ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153ක් නොමිලේ ලබා ගත හැකිය.
චීන රජයෙන් ලබාදුන් මෙම සහනාධාරය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ එක්ව වඩාත් ඵලදායී ලෙස එක් දින ධීවර යාත්‍රා වෙත ලබා දීමට කටයුතු කළ බව එහිදී අදහස් දැක් වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සඳහන් කළේ ය.
මේ වැඩසටහන හරහා දෙවන අදියරයේ දී භූමිතෙල් ලීටර් 4,250,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට කටයුතු කිරීමට ද නියමිතයි.
එමෙන්ම දෙවන අදියරේදී කළුතර දිස්ත්‍රික්කයේ පමණක් යාත්‍රා හිමියන් 450කට අධික සංඛ්‍යාවකට මෙම දීමනාව ලබා දීමට කටයුතු කරයි.
