OPEN AI සහ Disney සමාගම් අතර ඩොලර් බිලියනයක ගනුදෙනුවක්

Report

සුප්‍රකට ඩිස්නි සමාගම අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් OPEN AI සමාගමේ ආයෝජනය කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 OPEN AI යනු මේ වන විට ලෝකයේ ජනප්‍රියම CHAT BOT වන CHAT GPT මව් සමාගමයි.

 ඒ අනුව නව ගනුදෙනුවට අනුව ඩිස්නි සමාගමට අයත් මිකී සහ මිනී මවුස්, මාවල් සුපර් හීරෝ චිත්‍රපට, ස්ටාර් වෝස්, මොආනා ඇතුළු චරිත 200ක පමණ පින්තූර සහ වීඩියෝ ජනනය කරගැනීමට චැට් ජී.පී.ටී පරිශීලිකයින්ට අවස්ථාව උදා වී ඇත.

මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනට ADB ඩොලර් මිලියන 200ක ණයයක් අනුමත කරයි

මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනට ADB ඩොලර් මිලියන 200ක ණයයක් අනුමත කරයි

මේ වන විටත් කිසිඳු අවසරයකින් තොරව කෘතීම බුද්ධිය හරහා ජනප්‍රිය චරිත වල වීඩියෝ සහ පින්තූර ජනනය කරගැනීම සිදු වේ.

ඒ අනුව ඩිස්නි සමාගම ඔවුන්ගේ චරිත වල අයිතිය සහ පාලනය යළි තමන් සතු කර ගැනීමට ඕපන් ඒ.අයි (OPEN AI) සමාගම සමඟ ගිවිසුම් ගත වන බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

ලංකාවට තවත් ණය එපා - මේක ණය නෙවෙයි, ප්‍රදානයක්

ලංකාවට තවත් ණය එපා - මේක ණය නෙවෙයි, ප්‍රදානයක්