ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට
QR කේතයට ලබාදෙන ඉන්ධන කෝටාව අද (21) දින රාත්‍රීයේ සිට වැඩි කර ඇත. ඒ අනුව කාර් රථ සඳහා මීට පෙර සතියකට ඉන්ධන ලීටර් 15ක් ලබාදුන් අතර එය මේ වන විට ලීටර් 25 දක්වා වැඩි කර තිබෙනවා.
එසේම ත්‍රී රෝද රථ සඳහා ලීටර් 15ක් ලබාදුන් අතර එය 20 දක්වා වැඩි කෙරුණු අතර වෑන් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර සංශෝධනය අනුව එය ලීටර් 50 දක්වා වැඩිකර ඇත.
කෙසේ වුවත් ලොරි රථ සඳහා ලීටර් 200ක් ලබාදුන් අතර නව සංශෝධන යටතේ ද ලබාදෙන්නේ ලීටර් 200ක් පමණක් බව සඳහන්.
මේ අතර යතුරු පැදි සදහා මෙතෙක් ඉන්ධන ලීටර් 5ක් ලබාදුන් අතර එය ලීටර් 8 දක්වා වැඩි කර ඇති බවත් බස් රථ සදහා ලීටර් 60ක් ලබාදුන් අතර දැන් එය ලීටර් 100 දක්වා වැඩිකර ඇති බවත් වාර්තා වේ.
එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ක්වාඩ සයිකල් සඳහා මෙතෙක් ඉන්ධන ලීටර් 5ක් නිකුත් කළ අතර එය 8 දක්වා වැඩිකර ඇති බවයි.
ඊට අමතරව විශේෂ කාර්ය වාහන සඳහා ලීටර් 40ක් ලබාදුන් අතර නව සංශෝධන යටතේ ද ලීටර් 40ක්ම නොවෙනස්ව හිමිවන අතර ඉඩම් වාහන සඳහා ලබාදුන් ඉන්ධන ලීටර් 25 / 40 දක්වා වැඩිකර ඇත.