දිනක් තුළ ඉරානය සොහොන් පිටියක් වෙයි - පළාත් 17ට ප්‍රහාර 640ක්
සිකුරාදා එනම් ඊයේ (20) දිනයේදී පමණක් ඉරානයේ පළාත් 17කට ප්‍රහාර 640ක් එල්ලවී ඇති බව අමෙරිකාව කේන්ද්‍රකරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සියක් වාර්තා කරයි.
ඒ අනුව එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු මිය ගොස් ඇති බව එම ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය දක්වා ඇත.
එසේ මියගිය පිරිස ළමුන්, සිවිල් වැසියන් හෝ සොල්දාදුවන් යැයි ඔවුන් විසින් වර්ගීකරණයක් සිදු කර නොමැති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භ වී සති තුනක කාලයක් ගතවී ඇති පසුබිමක අවම ලෙස පුද්ගලයින් 1,398 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.
මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සිය පෙන්වා දෙන්නේ ඒ අතර දරුවන් 210 දෙනෙකු සිටින බවයි.
එසේම අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන හමුද නිලධාරින් 1,165 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් මරණ 657ක් වාර්තා වී ඇත.
ඔවුන් සිවිල්වැසියන් ද එසේ නොමැති නම් හමුදා නිලධාරින් ද යන්න පැහැදිලිව දක්වා නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත.
ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්
බැග්ඩෑඩ් නුවර කැළඹෙයි - ජාතික බුද්ධි අංශ මූලස්ථානයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් නිලධාරියෙකු ජීවිතක්ෂයට
📊Day 21 of the U.S.-Israeli War on Iran — Nowruz (New Year) Begins with 640 Strikes🤬
— Atieh (عطیه بختیار) (@UnboundedVoice) March 21, 2026
🔻 Overview (Last 24 Hours)
• 640 attacks across 130 incidents in 17 provinces
• 68 total casualties (killed and injured, civilian and military)
• Attacks coincided exactly with Nowruz… https://t.co/rULDpWDVK2