අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.
එසේම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර ඇත.
එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් වශයෙන් දැක්වේ.
මේ අතර ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,