මීට පස්සේ මේවා අනිවාර්යයි - කාන්තා පාපන්දු පුහුණුවට අලුත් නීතියක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙවත් ෆීෆා (FIFA) ආයතනය මඟින් කාන්තා පාපන්දු කණ්ඩායම්වල කළමනාකාරීත්වය සහ පුහුණුකාරීත්වය සඳහා වැඩි කාන්තා නියෝජනයක් අනිවාර්ය කරමින් සිය නීතිරීති සංශෝධනය කර ඇති බව ඉකුත් මාර්තු 19 වන දින නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව මෙම නව රෙගුලාසිවලට අනුව, ෆීෆා තරඟාවලි සඳහා සහභාගී වන සෑම කාන්තා පාපන්දු කණ්ඩායමකම ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස හෝ සහාය පුහුණුකාරිනිය ලෙස අනිවාර්යයෙන්ම කාන්තාවක් කටයුතු කළ යුතු බව දැනුම් දී ඇත.
එසේම ඊට අමතරව, සෑම කණ්ඩායමකම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවම ලෙස එක් සාමාජිකාවක් සහ අතිරේක ක්‍රීඩකයින් සහ නිලධාරීන් රැඳී සිටින අසුන් මත සිටින නිලධාරීන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් වීම ද අනිවාර්ය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ෆීෆා ආයතනය මඟින් හඳුන්වා දී ඇති මෙම නව ප්‍රතිපාදන මේ වසරේ සිටම බලාත්මක වීමට නියමිතයි.
ඒ අනුව, මෙම නීතිරීති 2027 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී ද මුළුමනින්ම ක්‍රියාත්මක වන බව සඳහන්.