ලෝකෙම හැරිලා බලපු එලෝන් මස්ක්ගේ නඩුවට දවස් දෙකකට පසු ජූරියෙන් ඒකමතික තීන්දුවක්
By Kaushi
2022 වසරේ ට්විටර් සමාගම අත්පත් කර ගැනීමේ තීරණාත්මක කාලසීමාව තුළ එලොන් මස්ක් විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශ නොමඟ යවන සුළු ඒවා බවට ජූරි සභාවක් මඟින් තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දින දෙකක සාකච්ඡාවලින් පසුව, සැන් ෆ්රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණයේ ජූරි සභාව මඟින් මෙම ඒකමතික තීන්දුව ලබාදුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අඳාළ නඩුව එලොන් මස්ක්ගේ ප්‍රකාශ මත විශ්වාසය තබා කටයුතු කළ ට්විටර් ආයෝජකයින් පිරිසක් විසින් පවරා ඇත.
ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්
ඒ අනුව ජූරි සභාව තීන්දු කර ඇත්තේ ට්විටර් හි පරිශීලක දත්ත සම්බන්ධ ගැටලු පවතින බවටත්, තමන් ඩොලර් බිලියන 44 ක එම මිලදී ගැනීමේ ගනුදෙනුවෙන් ඉවත් විය හැකි බවටත් ඔහු කළ ඇතැම් ප්‍රකාශ, හිතාමතාම මහජනයා නොමඟ යැවීමට සිදු කළ ඒවා බවටයි.