ඉරානයෙන් මුළු ලෝකෙම බලා සිටි සුබ ආරංචිය දෙයි - යුද්ධයේ ස්ථිර අවසානයක්
By Kaushi
යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කළ හැකි ඕනෑම මැදිහත්වීමක් පිළිගන්නා බවට ඉරානය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් සවන් දීමට සහ ඒවා සලකා බැලීමට තම රට සූදානම් බව ජපාන ප්‍රවෘත්ති සේවයක් වෙත අදහස් දක්වමින් කියා ඇති බව සඳහන්.
කෙසේ වුවද එහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ යුද ගැටුම් වෙනුවෙන් විසඳුම් සෙවීමට ඇතැම් රටවල් උත්සාහ කළද, ඇමරිකාව සිය ආක්‍රමණශීලී පිළිවෙත නතර කිරීමට සූදානම් බව දක්නට නොමැති බවයි.
ඒ අනුව ඉරානය හුදු සටන් විරාමයක් පමණක් අපේක්ෂා නොකරන අතර, ඒ වෙනුවට යුද්ධයේ ස්ථිර අවසානයක් අපේක්ෂා කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා ඇති බව සඳහන්.
ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්