92 ශාන්තවරුන්ගේ උණුසුම් සටන ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති 92 ශාන්තවරුන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබුණා.
ඊට පිළිතුරු ලෙස සාන්ත පීතර විද්‍යාලය කඩුලු 09ක් දැවි ලකුණු 257ක් රැස් කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට කටයුතු කර ඇත.
එබැවින් සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 95ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 03ක් දැවී ලකුණු 190ක් ලබා ගෙන තිබුණා.
කෙසේ වෙතත් තරගයෙන් ජය ගැනීමට ලකුණු 290ක ඉලක්කයක් හඹා ගිය සාන්ත පීතර විද්‍යාලයට දිනය නිමා වනවිට කඩුලු 09ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 215ක් පමණයි.