බැග්ඩෑඩ් නුවර කැළඹෙයි - ජාතික බුද්ධි අංශ මූලස්ථානයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් නිලධාරියෙකු ජීවිතක්ෂයට
By Kaushi
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඉරාක ජාතික බුද්ධි සේවා (INIS) මූලස්ථානයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව බුද්ධි අංශ මූලස්ථානයේ ඇති සන්නිවේදන ගොඩනැගිල්ලක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි
එසේම අදාළ ගොඩනැගිල්ල ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඇමරිකානු උපදේශකයින් සමඟ සමීපව කටයුතු කරන මධ්‍යස්ථානයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
එමෙන්ම ප්‍රාදේශීය වේලාවෙන් පෙරවරු 10:00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව රජයේ ආරක්ෂක මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ජෙනරාල් සාද් මාන් පවසා ඇති බව වාර්තා වේ.