ආපදා මරණ 56ක් දක්වා ඉහළට
By Shehan
අඛණ්ඩව පවතින දැඩි වර්ෂාව හා අයහපත් කාලගුණ තත්ත්වය නිසා පසුගිය පැය 72ක කාලය තුළ පුද්ගලයන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.
මේ අනුව නොවැම්බර් 16 වැනිදා සිට මේ දක්වා සිදුව ඇති කාල්ගුණික ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම පුද්ගලයන් 21 දෙනෙකු මේ වන විටත් අතුරුදන් වී සිටින බවද මධ්‍යස්ථානය සඳහන් කරයි.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා පවුල් 12,313කට අයත් පුද්ගලයන් 43,991ක් දැනට පීඩාවට පත්ව සිටින අතර, නිවාස 04ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 666ක් අර්ධ වශයෙන් හානිවී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු යාවත්කාලීන කරමින් සිටින බවද දන්වා සිටියි.