ආපදාවෙන් හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි

Report

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ  ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සිදුවූ නිවාස හානි සංඛ්‍යාව 6,000 ඉක්මවා ඇත.

තවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ පැවැති ආපදා තත්ත්වයෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 6,164ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි .

 එම වාර්තාවේ මෙම ආපදා තත්ත්වයෙන් තවත් නිවාස 112,110ක් අර්ධ හානියට ලක්ව ඇති බව සදහන් වේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙම නිවාස හානි අතුරින් පූර්ණ නිවාස හානි වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

ආපදා නිසා විදුලි බල මණ්ඩලයට වෙලා තියන හානිය

ආපදා නිසා විදුලි බල මණ්ඩලයට වෙලා තියන හානිය

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2,013ක් ආපදාවෙන් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇත.

දෙවැනියට වැඩිම පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි නිවස 767ක් පූර්ණ හානියට ලක්ව තිබේ.

ඒ වගේම අර්ධ හානි නිවාස වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

එම දිස්ත්‍රික්කයේ නිවාස 21,137ක් අර්ධ හානියට ලක්ව ඇති බව සදහන් වෙයි.

ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් නිවාස 632ක් පූර්ණ හානියත් පත්න ඇති බවයි.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 596ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 587, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 265ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 256ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 247ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 245ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 157ක්, අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 111ක් පූර්ණ වශයෙන් හානි වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ.

තවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 14,562ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 13,517ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 8,825ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 8,540ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 7,934ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 4,817ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 4,433ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 4,124ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස 4,121ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 3,773ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 3,746ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 3,058ක් ආදී ලෙස නිවාස හානි ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බවයි. 

ආපදා මරණ තවත් ඉහළට

ආපදා මරණ තවත් ඉහළට