ආපදා නිසා විදුලි බල මණ්ඩලයට වෙලා තියන හානිය
මෙරට පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 20.000ක පාඩුවක් සිදුව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 99% ක්ම යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා සදහන් කරයි.
තවද තම නිවාස අහිමිවූ විදුලි පාරිභෝගිකයින් පිරිසක් සිටින බව ද එතුමා සදහන් කර තිබේ .
ඒ වගේම බිඳ වැටුණු සියලු සම්ප්‍රේෂණ පද්ධති ද, මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇත.
දිවයින පුරා බලපෑ ආපදා තත්වයන් හේතුවෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් සංඛ්‍යාව, ලක්ෂ 41 ක් වේ.