ඒක මීට අවුරුදු ගානකට කලින් සිදු වෙච්චි අපයෝජන ක්‍රියාවක්..මුතුගලට ඇප නැති කරපු වීඩියෝ එක ගැන මුතුගලගෙ කටින්ම[VIDEO]

Gossip Today Child Abuse Social Media Teachers Sinhala news
By Kaushi Aug 04, 2025 11:44 AM GMT
Kaushi

Kaushi

Report

දිනේෂ් මුතුගල යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු බව කොයි කවුරුත් දන්න කාරණාවක්නේ.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

මේ තරම් කාලයක් ඔහු ගැන, ඔහුගේ ඉගෙනීම් ක්‍රම ගැන මෙන්ම ඔහුගේ ජීවිතයේ ඇති විවිධ තොරතුරු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වුවත් පසුගිය දිනවල ඔහු ගැන ඇහෙන්නේ බරපතළ චෝදනාවක්.

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

ඒ දිනේෂ් මුතුගල සර් ටියුෂන් කරන මුවාවෙන් අපයෝජන ක්‍රියාවක් සිදු කරා කියන පැමිණිල්ල මතයි. ඔහුට ආදරේ කරන බොහෝ දෙනෙක්ට මෙය දරාගත නොහැකි තරම් කම්පන සහගත පුවතක් වුණා.

කෙසේ වෙතත් දිනේෂ් මුතුගලට මේ දරුණු චෝදනාවක් යොමු කර ඇත්තේත් සමාජ මාධ්‍ය හරහා බව තමයි ආරංචි වුණේ.

කොහොම නමුත් සමාජ මාධ්‍ය පුරාවටම මෙම වීඩියෝව ඉතා වේගෙන් සංසරණය වීමත් එක්ක දිනේෂ් මුතුගල මහතාම ඒ පිළිබඳව පැහැදිලි කරලා තිබ්බේ මේ විදිහට.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

ඒ තමන්ගේ සමාජ මාධ්‍ය පිටුව වෙත වීඩියෝවක් එක් කරමින්.

“අද උදෑසන මගේ හිතවත් අය බොහෝ පිරිසක් මට ලින්ක් වගයක් එවලා තිබුණා.සර් ගැන අසත්‍ය ප්‍රචාරයක් තියෙන වීඩියෝ එකක් පළවෙනවා tiktok එකේ කියලා.මම ගිහින් බලනකොට එහෙම වීඩියෝ එකක් තිබුණා. ඒක මීට අවුරුදු ගානකට හෝ මීට කලින් සිදු වෙච්චි අපයෝජන ක්‍රියාවක් ගැන. කළුතර පැත්තේ ගුරුවරයෙක් ගැන ඒක ඇත්ත එකක්ද බොරු එකක්ද කියන්න මං දන්නෑ නමුත් ඒක ප්‍රසිද්ධ සිදුවීමක් ප්‍රසිද්ධ මාධ්‍යයේ ගියපු පුවතක් බව පේනවා. ඒ වීඩියෝ එකේ කියනවා කළුතර පැත්තේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් අතින් මෙහෙම මෙහෙම ළමයි පිරිසක් අපයෝජනය වෙලා තියෙනවා කියලා. ඒ වීඩියෝ එක මට අදාළ එකක් නෙවෙයි. වෙන ගුරුවරයෙක්ට අදාළ එකක්. හැබැයි ඒ වීඩියෝ එකට මගේ නම යොදලා මගේ ෆොටෝස් දාලා කැප්ෂන් එකට දිනේෂ් මුතුගල කියන්නෙ මේ වගේ කෙනෙක්ද වගේ දෙයක් සෘජුව මගේ පුද්ගල ප්‍රතිරූපයට හානි වන ආකාරය වීඩියෝ එකක් හදලා එඩිට් කරලා දාලා තියෙනවා. මේක විනෝදයකට හෝ කිසියම් දේකට කරත් මොන පුද්ගලයා කරත් මම මේ වෙනුවෙන් නීතිමය පියවරක් ගන්නවා.”

මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

කොහොම නමුත් සමාජ මාධ්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් වගේ.

විනාඩියකින් ජනප්‍රිය වූ පුද්ගලයෙක්ගේ ජනප්‍රියත්වය නැති කිරීමට මෙන්ම කිසිවෙක් නොදත් අයෙක් එක තත්ත්පරෙන් මුළු ලොවක් දන්න අයෙක් කිරීමටත් සමාජ මාධ්‍යයට හැකි බව ඔබ අප කවුරුත් දන්නවනේ.

එනිසා හැකි සෑම විටම එය යහපතට පමණක් යොදා ගන්න.   

මට මේවා එපා වෙලා තියෙන්නේ..පවුලම වෛද්‍යවරු වෙලත් එයාව බේර ගන්න බැරි වෙලා, වෛද්‍ය සිසුවෙක් ජීවිතක්ෂයට

මට මේවා එපා වෙලා තියෙන්නේ..පවුලම වෛද්‍යවරු වෙලත් එයාව බේර ගන්න බැරි වෙලා, වෛද්‍ය සිසුවෙක් ජීවිතක්ෂයට

සෑම විවාහකයෙක්ටම නිවසක්,රාජ්‍ය සේවකයන්ගේ නිවෙස් වලටත් වාසියක් - වැඩේ වෙන විදිහ මෙන්න

සෑම විවාහකයෙක්ටම නිවසක්,රාජ්‍ය සේවකයන්ගේ නිවෙස් වලටත් වාසියක් - වැඩේ වෙන විදිහ මෙන්න

ReeCha