පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

Report

සිසුන් 50ටත් අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන උතුරු පළාතේ පාසල් 72ක් වසා දැමීම වැලැක්විය යුතු බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා රජය වෙත ඉල්ලීමක් කර තිබේ.

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

මෙම පාසල් වසා දැමුවහොත්, එම සිසුන්ගේ දෙමාපියන්ට වෙනත් පාසල් වෙත දරුවන් ඇරලවීම සඳහා විශාල දුරක් ගෙවා යාමට සිදුවනු ඇත. එය ඔවුන්ට අමතර ආර්ථික හා මානසික බරක් ඇති කරනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

උතුරු පළාතට වසර ගණනාවක් බලපෑ යුද්ධය හේතුවෙන් එහි බොහෝ දිස්ත්‍රික්කවල මූලික පහසුකම් බිඳ වැටී ඇති බවත්, මීට පෙර දිවයිනේ දුප්පත්ම දිස්ත්‍රික්කය ලෙස හඳුනාගත් මොණරාගල දිස්ත්‍රික්කය වෙනුවට මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කය එම තත්ත්වයට පත්වී ඇතැයිද ඔහු සදහන් කළේය.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

අධ්‍යාපන පහසුකම් වසා දැමීමක් සිදු නොකර, ඒවා සංවර්ධනය කිරීම මගින් දරුවන්ට වඩා හොඳ අනාගතයක් සැලසිය හැකි බවටද අමාත්‍යවරයා රජයට යෝජනා කරයි.

එමෙන්ම, පාසල් 42ක් පමණ සාර්ථක අධ්‍යාපන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක පවතින්නේ භෞතික හා මානව සම්පත් හිඟය හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යවරිය වන ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය යාපනයට පැමිණි අවස්ථාවේදී මෙම යෝජනාව ඔහු ඇයට විශේෂයෙන් යොමු කර තිබේ.