මීට පස්සේ දිලිඳු ජනතාවට සහනාධාර දෙන්න ඕනේ විදිහ කියන දිලිත්

Report

සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ශ්‍රී ලංකාවට ණය දීමට ලෝකයේ තවත් කිසිවකු ඉතිරි වී නැති බැවින් ස්ව ශක්තියෙන් නැගී සිටීම සඳහා මේ රටේ ජනතාව ව්‍යවසායකයන් බවට පත් කරලීම අත්‍යවශ්‍ය කාරණයක් බව ප්‍රකාශ කළා.

ඒ අනුව මුළු රටම එකතු කර විකුණුවොත් මිස විකිණීමට තවත් කිසි දෙයක් මේ රටේ ඉතිරි වී නැති බවත්, එබැවින් තවදුරටත් නිකරුණේ මුදල් වියදම් නොකර ජනතාවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට මග සකස් කර දීම වැදගත් බවත් ඔහු සඳහන් කළා.

එසේම දිලිත් ජයවීර මහතා පෙන්වා දුන්නේ මේ රටේ වරප්‍රසාද නොලබන දුෂ්කරතා ඇති සියලු ජනතාවට සහනාධාර ක්‍රමයක් අවශ්‍ය බව සත්‍යයක් වුවත් ඔවුන්ට සහනාධාර දෙන අතරේ ආත්ම අභිමානයෙන් නැගී සිටීමට උරදීමෙන් මේ පිරිස දීර්ඝ කාලීනව ගොඩ නැංවීමට හැකි වන බව‍යි.

බිමල්ගේ නෝනා ඔක්කොටම කළින් මොන්ටිසෝරිවල බලය අල්ලන්න ලෑස්තියක්

බිමල්ගේ නෝනා ඔක්කොටම කළින් මොන්ටිසෝරිවල බලය අල්ලන්න ලෑස්තියක්

එහිදී වැඩිදුරටත් ඔහු පවසා සිටියේ තම නිවස නිසි ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට හැකියාවක් ඇති කාන්තාව හොඳම ව්‍යවසායිකාව වන හෙයින් ඇය සතු ව්‍යවසායක හැකියාව ජාතික තලයට ගෙන ඒම වැදගත් බවත් සර්වජන සභා සංකල්පය යටතේ උත්සාහ කරන්නේ එය බවත් ‍ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ගම්පොළ ආසනයේ අංගම්මන කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

තවද ඔහු අවධාරණය කර සිටියේ නිදහස ලබා ගත් දිනයේ සිට ස්ව ශක්තියෙන් නැගී සිටින්නාට කිසිවෙකු අත දුන්නේ නැති බවත් එවැනි රටක් කිසි දිනෙක ඉදිරියට ගමන් නොකරන බවත් ය.

ඩයස්පෝරාව මට උදව් කරන්න සූදානම් - LGBTQ අපිට එපා

ඩයස්පෝරාව මට උදව් කරන්න සූදානම් - LGBTQ අපිට එපා

සම්පත් මනම්පේරි ජොනීගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ද? - ජොනී කට අරී

සම්පත් මනම්පේරි ජොනීගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ද? - ජොනී කට අරී