සම්පත් මනම්පේරි ජොනීගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ද? - ජොනී කට අරී

Report

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (5) සම්පත් මනම්පේරි මහතා තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව පැවසූ අතර, එවැනි බොරු ප්‍රකාශ කරමින් මඩ ප්‍රහාර එල්ල කරන කණ්ඩායමට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායකයින් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේදී පාක්ෂිකයින් අමතමිනි.

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

"දැන් කියනවා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මනම්පේරි කියන පුද්ගලයා කියලා. මතක තියාගන්න. මම සම්බන්ධීකරණ ලේකම්වරුන් පත් කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි" යනුවෙන් ඔහු සඳහන් කළේය.

මඩ ප්‍රහාරකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී, "මේ බලන්නේ කොහෙන් හරි පහර දෙන්න. අපට තවම නීතිය පිළිබඳ දැඩි විශ්වාසයක් තියනවා. ඒ නිසා නීතිය මගින් ගන්න පුළුවන් උපරිමයෙන් අපි හැම අවස්ථාවකදීම කටයුතු කරනවා" යනුවෙන්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඇගිලි සලකුණු නැතිව රේගු නිලධාරීන්ට කෝටි 335 ක වැටුප් ගෙවීම

ඇගිලි සලකුණු නැතිව රේගු නිලධාරීන්ට කෝටි 335 ක වැටුප් ගෙවීම

කියවන්න එපා තාජුඩින්ගේ පරීක්ෂණ අවසන් කරන්න - නාමල් රාජපක්ෂ

කියවන්න එපා තාජුඩින්ගේ පරීක්ෂණ අවසන් කරන්න - නාමල් රාජපක්ෂ