ආණ්ඩුව බදු ගහලම දැන් බදු කුමාර කියලා නමකුත් හැදිලා - ආණ්ඩුවට චෝදනා කරන දිලිත්

Anura Kumara Dissanayaka IMF Sri Lanka Latest Headlines Dilith Jayaweera Sinhala news
By Ashfa Jul 14, 2025 11:03 AM GMT
Ashfa

Ashfa

Report

වර්තමාන රජය ජනතා බලාපොරොත්තු වලට පටහැනි ක්‍රමයෙන් කටයුතු කරමින් සිටින බව සර්වජන බලය සංවිධානයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

"මම මාලිමා ආණ්ඩුව පෙරලනවා - මගේ පියා නිර්දෝෂී" චතුර සේනාරත්න

"මම මාලිමා ආණ්ඩුව පෙරලනවා - මගේ පියා නිර්දෝෂී" චතුර සේනාරත්න

ඔහු අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, බලයට පැමිණි පසු රජය විසින් ජනතාව මත පනවන බදු පිළිබඳව ක්‍රියාත්මක වන ආකාරය සහ, බලයට පැමිණීමට පෙර කළ ප්‍රතිඥා අතර සැලකිය යුතු වෙනසක් ඇති බවය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙම ප්‍රකාශය අතරතුරදී දිලිත් ජයවීර මහතා තවදුරටත් සිය අදහස් එළිදක්වා සිටියේය.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

 

"රජය දැන් ජනතාව බලාපොරොත්තු වුණ සියලුම දේට පයින් ගහලා තියෙන බව දැන් පැහැදිලියි. ජනාධිපතිතුමාට දැන් නම් පවා පටබැඳිලා තියෙනවා බදු කුමාර කියලා. බදු සම්බන්ධව ඔවුන් කලින් කතා කළේ කොහොමද දැන් කතා කරන්නේ මොකක්ද ? දැන් මේ ගහගෙන ගහගෙන යන බදු IMF නාමයෙන්, රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ න්‍යායාචාර්යතුමාගේ වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරමින් ගෙන යන මේ වැඩපිළිවෙළ මේ රටේ මිනිසුන්ගේ උදහසට ලක්වෙලා තියෙනවා. ඒ වගේම ලොව පුරා පැනවූ ට්‍රම්ප් බද්ද ආණ්ඩුව මොනවා කියුවාත් උන්න හැටියට මලා මදැයි කියලා දැන් කතාවක් කියමින් ඉන්නවා දැන් අපිට 30%යි ගැහුවේ කියලා. නමුත් යථාර්තය තමයි අපේ සියලු බඩු මත ආනයනය කළාම 30%ක් මිල වැඩියි එතකොට බඩු විකිණෙන්නේ නෑ. එතකොට බඩු විකිණෙන්නේ නැති වුණාම අපේ අපනයනයන් වැටෙනවා. අපනයන වැටුණාම අපේ මිනිස්සුන්ට රස්සා නැතිවෙනවා, රටට ධනය නැති වෙනවා. ඕක තමයි යතාර්ථය."

ReeCha