පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ මන්ත්‍රී ඩීසල් ගන්න ගිහින් සිදු වුණු දේ..
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා තංගල්ලේ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොතිබූ බව පවසමින් තංගල්ල ධීවර වරායට පැමිණ එහි ධීවරයින්ගෙන් තම නිල රථයට ඩීසල් ලබාගෙන තිබුණි.
ඒ අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමට අවශ්‍ය බව පවසමිනි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා, "මට අද පාර්ලිමේන්තු යන්න ඕනේ.
යන්න විදිහක් නෑ.පාර්ලිමේන්තු යන්න ඕන නිසා මම ධීවරය වරායට ඇවිත් යාත්‍රාවකින් තෙල් ඉල්ල ගත්තේ." නමුත් ඒ පිළිබඳ අප කළ සොයා බැලීමකදී තහවුරු වූයේ මන්ත්‍රිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීමේ ලේඛනයේ ද අද ඔහුගේ නම සඳහන් වී නොමැති බවත් අපට වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, "
දිලිප් වෙදආරච්චි මන්ත්‍රීතුමා ධීවර වරායකට ගිහිල්ලා ධීවරයෙක්ගෙන් ඩීසල් ඉල්ලගෙන පාර්ලිමේන්තු යන්න විදිහක් නෑ කියලා. එතුමා අද දවසටම පාර්ලිමේන්තුවට ඇවිත් නෑ. එතුමා හම්බන්තොට ධීවරයින්ගෙන් තෙල් ගහගෙන රට වටේම ඇවිදිනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |