සැප වාහන වෙන්දේසිය ගැන ඇහෙන අලුත්ම කතාව

Report

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහනවලින් කොටසක් වෙන්දේසි කිරීමට රජය තීරණය කොට තිබුණා.

ඒ අනුව දෙවන අදියර ලෙස භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් වෙන්දේසි කිරීමට රජය පෙරේදා කටයුතු කරනු ලැබුවා.   

එහි දී වෙන්දේසි කිරීමට තිබූ වාහන අතරින් රුපියල් කොටි 500කට අධික වටිනාකමකින් යුත් වාහන රුපියල් කොටි 200 ක මුදලකට විකුණා ඇති බවට ස්වර්ණභූමි ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටිනවා.   

ආසියාවේ යලිත් කොවිඩ් රෝගය හිස ඔසවයි ? රට ලොක්ඩවුන් වෙයිද?

ආසියාවේ යලිත් කොවිඩ් රෝගය හිස ඔසවයි ? රට ලොක්ඩවුන් වෙයිද?

සුඛෝපභෝගි වාහන වෙන්දේසි කර ඇත්තේ ත්‍රිරෝද රථ අලෙවි කරන මුදලට බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපති අසංක රුවන් පොතුපිටිය වැඩිදුරටත් කියා සිටියේ.   

කෙසේ වෙතත් මෙම වෙන්දේසි දී වාහන 17ක් අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා .

ව්‍යාපාරිකයින් 108 දෙනෙකු පමණ එක්ව සිටි අතර වෙන්දේසියේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 200කට අධික බවයි සඳහන් වන්නේ