ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල් යයි.
අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් තැබීමටයි.
එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ මස 31 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සමේ තීන්දුව අද (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
නඩුව අද කැඳවූ අවස්ථාවේ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එහි තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව පැවසුවා.
ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව පවසා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසිනි.
