කංජිපානි ඉම්රාන් සහ 'දෙහිබාලේ මල්ලි' අතර දේවාල පෙරහැර ප්‍රශ්නයකට දෙවුන්දර වෙඩි තැබීමේ තතු සියල්ල හෙළිවෙයි
මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩි තබා ඇත්තේ, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇති වුණ මතගැටුමක් හේතුවෙන් බව වාර්තා වේ.
මෙම වෙඩිතැබීම ‘දෙහිබාලේ මල්ලි’ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට ඒ අනුව පොලීසිය සැක කරනු ලබයි දෙවුන්දර දේවාලයේ පෙරහැරට සහභාගිවන කාවඩි නර්තන කණ්ඩායම් අඩුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 20 වැනිදා පුද්ගලයෙකු දෙවුන්දර දේවාලයේ බස්නායක නිළමේ වන තිලිණ මධුසංක මහතාට මරණ තර්ජන සිදුකර ඇත .
ඒ කංජිපානි ඉම්රාන් විසින් භාවිත කරන KPI යන අන්වර්ථ නාමය භාවිත කරමිනි. ඊට ප්‍රතිචාර දක්වමින් ‘දෙහිබාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් කංජිපානි ඉම්රාන්ට මරණ තර්ජනය කරන බව පැවසෙන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ.
ඉන් අනතුරුව ඔහු තවත් හඬපටයක් සමාජ මාධ්‍යවෙත නිකුත්කර තිබුණි. එවන් පසුබිමක ඊයේ රාත්‍රියේ දෙවුන්දර දේවාලයේ සිට මීටර 200ක පමණ දුරින් පිහිටි නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතබා තිබුණි.
වෙඩිතැබීම අසල වූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
එම වෙඩිතැබීමෙන් පසුව ද දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු බවට පවසමින් තවත් හඬපටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
“ඔය දුන්නේ ගමයි ආගමයි පාවාදීපු ගෝතයන්ට...අපේ දෙවුන්දර ගමේ ඉන්න...ගෝතයින්ට ඔබ දුන්නේ රිහසල් එකක්...ආ ! ඊළඟ එක බලමු පස්සේ
වීඩියෝ දර්ශන උපුටා ගන්නා ලදි