ගල්කිස්සේදී "උඹ චමින්ද නේද?" කියා අසමින් වෙඩි තියන්න හදද්දී තුවක්කුව පත්තු වෙලා නැහැ

Report

ගල්කිස්ස පොලිස් වසමේ ටෙම්පල් පාර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (21) රාත්‍රී 10.30ට පමණ අදාළ පුද්ගලයා නිවසේ උඩුමහලේ රූපවාහිනිය නරඹමින් සිටියදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි පැමිණ, “උඹ චමින්ද නේද?” යනුවෙන් විමසා ඇත.

අනතුරුව ඔවුන් පිස්තෝලයකට සමාන ගිනිඅවියකින් වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව සඳහන් වේ. සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ අදාළ පුද්ගලයා පමණක් බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් නිවසට ඇතුළු වූ අවස්ථාවේදී ඔහුට පයින් පහරක් එල්ල කර ඇති අතර, පසුව අසල තිබූ පුටුවකින් පහරදීම හේතුවෙන් නිවෙස්හිමියාගේ හිසට සුළු තුවාල සිදුව ඇත.

හොලිවුඩයම කම්පා කළ අවාසනාවන්ත මරණය - 'ගොඩ්සිලා vs කොං' චිත්‍රපටයේ ජියා ලෙස ප්‍රසිද්ධ වූ 18 හැවිරිදි නිළි කේලී හොට්ල් මියයයි

හොලිවුඩයම කම්පා කළ අවාසනාවන්ත මරණය - 'ගොඩ්සිලා vs කොං' චිත්‍රපටයේ ජියා ලෙස ප්‍රසිද්ධ වූ 18 හැවිරිදි නිළි කේලී හොට්ල් මියයයි

පහරකෑමෙන් අනතුරුව ඔහු නිවසින් පලා ගොස් අසල පිහිටි හිතවතෙකුගේ නිවසක රැඳී සිට ඇති බවත්, සැකකරුවන් එම නිවසටද පැමිණ දොරට තට්ටු කර පසුව පලාගොස් ඇති බවත් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසියෙකු විසින් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර, ඒ අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

වෙඩි තැබීමට උත්සාහ කිරීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තුවාල ලැබූ පුද්ගලයා වායු සමීකරණ (AC) යන්ත්‍ර අලුත්වැඩියා කරන කාර්මික ශිල්පියෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. පොලිස් තොරතුරුවලට අනුව, අදාළ පුද්ගලයා මීට පෙර කිසිදු අපරාධ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන නොමැත.

කෙසේ වෙතත්, ඔහුගේ පුත්‍රයා සම්බන්ධයෙන් පෙර අපරාධ නඩු දෙකක් වාර්තා වී ඇති බව සඳහන් වේ. ඒ අනුව, 2024 ජනවාරි 26 දින ගංජා ප්‍රවාහනය කිරීමේ චෝදනාව මතත්, 2025 මැයි 12 දින මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීමේ චෝදනාව මතත් ගල්කිස්ස පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.