ඇඳිවත පිටින් දේශබන්දු ගෙදර යයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් පහකිරීමට අදාළ නියෝගයට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ඒ පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්ද 177කින් සම්මත වූ දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධ මෙම යෝජනාව කතානායකවරයා විසින් ජනාධිපති වෙත යොමු කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව මෙම නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට හිමිව තිබූණු විශ්‍රාම වැටුප් සහ ආරක්ෂාව ඇතුළු සෑම වරප්‍රසාදයක්ම අහිමි වනු ඇති බව සඳහන්.
එසේම පුරප්පාඩු වූ පොලිස්පති ධුරය වෙනුවෙන් නව නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අද දිනයේ යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
කෙසේ වෙතත් මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ඇතුළුව නම් හයක් මේ වෙනුවෙන් යෝජනා වී ඇති බව පවසයි.