දේශබන්දුට තුන්වේලම කෑම නිවසින්!
Sri Lanka Police
Deshabandu Tennakoon
Sinhala news
By Dilasha
තමාට පිටතින් ආහාර ගැනීමට අවසර දෙන්නැයි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඔහුට තුන් වේලම නිවසින් ආහාර ගෙන ඒමට එහි අධිකාරිවරයා අවසර ලබා දී තිබේ.
බන්ධනාගාර කොන්දේසි වලට අනුගත වෙමින් ආහාර ගෙන ඒම කළ යුතු බවත් එසේම අධිකාරිවරයා නියම කරන වෙලාවට ආහාර රැගෙන ආ යුතු බවද සඳහන් වේ.
ඔහුගේ මෙම ඉල්ලීමට අනුමැතිය ලැබීමත් සමඟ බන්ධනාගාරයෙන් ආහාර සැපයීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.
