දේශබන්දුගෙන් පැය දහයක් ප්‍රශ්න කරයි

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව වග උත්තරකාර පොලිස්පතිවරයාගේ ලැයිස්තුවේ සාක්ෂි ලබා ගැනීම අද(23) සාක්ෂි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ආරම්භ කළේය. වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙක් සාක්ෂි ලබාදීමට නියමිතය.

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

මේ අනුව අද දින උදෑසන 9.30 සිට රාත්‍රී 8.00 පමණ වන තෙක් වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු පරීක්ෂණ කමිටුව ඉදිරියේ තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදීම සිදුවිය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් කමිටුව රැස්විය. ඒ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට නියමිත සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීම සඳහා පරීක්ෂණ කමිටුව හෙට (24) පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතය.

ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්

ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්