චමින්ද කුලරත්නගෙන් කථානායකට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.
ඒ, කථානායකවරයාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා බව වාර්තා වේ.
කෙසේ වෙතත් මීට පෙරද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම සම්බන්ධයෙන් ද විවිධ කතාබහ ඇතිව තිබුණා.
ඒ කථානායකවරයාට ඒ සඳහා බලතල නැති බව කියමින්.